Colombo Today Sports News

නෙල්කාට මෙවර ඔලිම්පික් විනිශ්චයට වරම්

ජපානයේ තෝකියෝ නුවරදී ලබන ජුලි 23 වැනිදා පැවැත්වීමට නියමිත “2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ” බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ටී. නෙල්කා ශිරෝමාලා සුදුසුකම් ලබා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම නිලධාරිනිය ශ්‍රීලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරිය වීමේ ගෞරවය ද හිමිකර ගෙන ඇති අතර, 2017 වර්ෂයේදී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය ද හිමිකරගත් එකම ආසියානු කාන්තාව ද වීම විශේෂිතය.

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday

පළමු දිනයේදීම සුරංගගෙන් කඩුළු පහක්..

colombotoday

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday