World

චීනයේ ඔත්තු බලන නෞකාවක් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

රටවල් 11 සහභාගිත්වයෙන්, පැවැත්වෙන තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය නිරීක්ෂණය කිරීමට පැමිණි චීන නෞකාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔත්තු බැලීම⁣ට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත අදාළ චීන නෞකාව අන්තර්ජාතික මුහුදේ තස්මේනියාවට ආසන්න ප්‍රදේශයට පැමිණ ඇති බවයි.

එම නෞකාව සහ එහි කටයුතු පිළිබදව තමන් පුලුල් ලෙස අවධානය යොමු කර නිරීක්ෂණ සිදුකරන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කරයි.

වාර්ෂිකව ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව එක්ව තස්මේනියාවට නුදුරැ මුහුදේ සිදුකරන තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය සම්බන්ධයෙන් මෙවර සමස්ත ලෝකයේම විශේෂ අවධානයක් යොමුව තිබේ.

ඒ අදාළ රටවල් දෙකට අමතරව තවත් රටවල් නවයක් විවිධාකාරයෙන් ඊට සම්බන්ධවීම හේතුවෙන්.

කැනඩාව ,බ්‍රිතාන්‍යය,නවසීලන්තය,දකුණු කොරියාව, සහ ජපානය යන රටවල හමුදා මෙවර යුද අභ්‍යාසයට එක්ව සිටි.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලධාරීන් සදහන් කළේ ඉන්දියාව,ඉන්දුනීසියාව,ජර්මනිය සහ ප්‍රංශයේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ද මෙවර යුද අභ්‍යාසයට නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ වන බවයි.

මෙි හේතුවෙන්, මෙවර තලෙස්මාන් සෙබ්රේ යුද අභ්‍යාසය ඉන්දු පැසිෆික් කලාපයේ දේශපාලන උණුසුම ඉහළ නංවන තත්වයක් මතු කර ඇති බව විදෙස් නිරීක්ෂකයන් සදහන් කරයි.

Related posts

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

colombotoday

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

ගින්දර සමග සෙල්ලම් කරන්න එපා – චීනයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

ඇමෙරිකාවේ වැරදුනු කුරුමානම. ඉරාන ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ අසාර්ථක මෙහෙයුම

colombotoday

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin