Colombo Today Local News

බැසිල්ට එරෙහි ජී.අයි. බට නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑම පිළිබද සලකා බලන්නැයි, නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් 2016 වසරේදි මහාධිකරණය හමුවේ පනවා ඇති ජී.අයි. බට නඩුව තවදුරටත් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් සලකා බලන ලෙසට ඔහුගේ නීතිඥවරුන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලිම පිළිබඳ සලකා බැලීමට නීතිපතිවරයා සුදානම් බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද (19)දින කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

2015 ජනාධිපතිවරණ ආසන්නයේදි පළාත් පාලන ආයතනවලින් ඉල්ලිමක් නොතිබියදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැය කර ජී.අයි.බට මිලදි ගෙන ඒවා පළාත් පාලන ආයතන වෙත බෙදා හැරිම ඇතුළු චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිල කිත්සිරි රණවක මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේයි.

නඩුව ලබන සැප්තැම්බර් 01 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Related posts

හෙරොයින් සමග චූටි නංගි අත්අඩංගුවේ

colombotoday

රටේ නායකයා රජ රටින්.. හාල් පිටරටින් !

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

පුංචි ඡන්දයට එරෙහිව නඩු දමා ඇත්තේ ඇමති ෆයිසර්ගේම ගෝලයෙක්… ඡන්දය කල් දැමීමේ තවත් මගඩියක් !

colombotoday

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin