Colombo Today Local News

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

මෙරටට කේරළ ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුට අයත් කේරළ ගංජා තොගයක් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සොයා ගැනීමට හැකිව තිබේ.

මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් මෙරටට ගෙන එන ලද එම කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 283 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකුව උඩප්පුව නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ඇත.

ඉකුත් 18 වැනිදා රාත්‍රී 7.00 ට පමණ හලාවත මෝයට ආසන්න කරුකුපනේ මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වේ.

කේරල ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.

මෙම කේරල තොගය ආරච්චිකට්ටුව – කරුකුපනේ පදිංචිකරුවෙකු වන ටාසන් නැමැත්තෙකුට අයත් බව අත්අඩංගුවට පත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

Related posts

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday