Colombo Today Local News

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

Arjun Mahendranහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේවනවිට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරන්නේ නීතිඥ උපුල් ජයසූරිය මහතා ය.

ජයසුරිය මහතා ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට සිදු කල කාර්යභාරයක් සලකා යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම ඔහුව ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරින.

එසේවුවද සැලකිය යුතු කිසිඳු විදෙස් ආයෝජනයක් මෙරටට ගෙන ඒමට ඔහුගේ පාලන කාලය තුල අසමත්ව ඇති අතර, මෙරට ආයෝජනය කිරීමට පැමිණි විදෙස් ආයෝජකයින්ට ඉඩම් ලබාදීමේදී සිදුකෙරෙන ප්‍රමාදයන් සම්බන්ධයෙන් ද එම ආයතනයට චෝදනා එල්ලවී ඇත.

අර්ජුන් මහේන්ද්‍ර මහතාට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය ලබාදී නීතිඥ උපුල් ජයසූරිය මහතාට සුදුසු වෙනත් තනතුරක් ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ, මෙම කරුණු ද සැලකිල්ලට ගනිමින් බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Srilankanmirror

Related posts

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

Admin

කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහරදුන් බවට තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday