Colombo Today Local News

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

මත් කුඩු මිලි ග්‍රෑම් තිහක් සන්තකයේ තබා ගෙන සිටි ගැබිනි කාන්තාවක සංචරණය තහනම පැවැති සමයේ කළ වැටලීමකදී තලාතුඔය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සිය දෙවැනි දරුවා ප්‍රසූත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන කැටවල එරමුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස්දෙකක ගැබිනි කාන්තාවකි.

මෙම කාන්තාව තද බල ලෙස මත් කුඩු පානය සඳහා ඇබ්බැහි වී ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා ද මත් කුඩුවලට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසේ.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාසගේ උපදෙස් අනුව මෙම වැටලීම සිදුකොට ඇති අතර, සැකකාර කාන්තාව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

බැලුම් පුම්බපු කාලෙ ගියා බීමත් රියැදුරන් අල්ලන්න ලංකාවට ගෙනාව අලුත්ම උපකරණය

colombotoday

රුපියල් මිලියන 23ක කේරළ ගංජා තොගයක් කිළිනොච්චියේදී අල්ලයි…

colombotoday

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

colombotoday

මාතර පාලටුව ගුණරතන මාධ්‍යමහා විධයාලයේ විදුහල්පතිට එරෙහිව උද්ඝෝෂණයක්

colombotoday