World

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

සෞදි අරාබියේ, ජෙඩාහ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ජිහාඩ් අන්තවාදියෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (04දා) අලුයම සෞදි අරාබියේ දෙවැනි විශාලතම නගරයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත මෝටර් රථයකින් පැමිණ ඇති ප්‍රහාරකයා, එහි ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන තිබේ.

මෙම පිපිරීමෙන් ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම පිපිරීමෙන් පැය කිහිපයකට පසුව එම ප්‍රදේශයේ තවත් පිපිරීම් තුනක් සිදුව ඇති අතර, මෙය එම ස්ථානයේ වූ බෝම්බ ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමක් ලෙසද වාර්තා වෙයි.

රාමසාන් සමය තුළ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාර දැඩි කරන බවට වූ අනතුරු ඇඟවීම් මෙන්ම, ඇමෙරිකානු බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත සෞදියේ වෙසෙන ඇමෙරිකානු ජනතාවට වඩාත් සුපරික්ෂාකාරීව රට තුළ ගමන් කරන ලෙසත්, අනවශ්‍ය ගමන්බිමන්වලින් තොරව රැඳී සිටින ලෙසත් මීට පෙරද අනතුරු ඇඟවීමක් කර තිබුණි.

 

Related posts

ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයි

colombotoday

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday