Covid 19

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන ඊයේ (18)දින 1,000 ඉක්මවා ගියේය. ඒ, මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා මෙරට තුළ මරණ 1,015ක් වාර්තා වී ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය අවුරුදු 60ත් 75ත් අතර වයසේ පසුවන්නන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 623 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 392 දෙනෙකු කාන්තාවන් වේ.

මෙම මාසයේ ගතවූ දින 18 තුළ පමණක් කොවිඩ් මරණ 337ක් සිදුව ඇති අතර “අලුත් අවුරුදු කොවිඩ් පොකුර” ආරම්භ වූ අප්‍රේල් මස 15 වනදාට පසුව ගතවූ කාලය තුළ සිදුව ඇති මරණ ගණන 411කි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

පානදුර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 255 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 391 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 350 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 333 දෙනෙකු ඊයේ වාර්තා වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 179 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 144 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 113 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 108 දෙනෙකු ලෙස ආසාදිතයින් 100 ඉක්මවා දිස්ත්‍රික්ක 8කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

Related posts

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි

colombotoday

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 37ක්

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනෙක් අතුරුදහන්

colombotoday