Covid 19

කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්

චීනයේ සිට දකුණු කොරියාව, ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම 36 හැවිරිදි මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මදුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහිදී මවට සහ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව අමාත්‍ය සුබ්‍රමනියන් පෙන්වා දී තිබේ.

දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හේතුවෙන් මොවුන් තිදෙනා ශ්‍රිවිල්ලිපුතූර් හි කාන්තාවගේ සහෝදරයාගේ නිවසේ හුදෙකලා කර ඇතැයි අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත. කාන්තාවගේ සහෝදරයාද පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

දවස් 4ත් 5ත් කාලයක් තුළ මොවුන්ට වැළඳී ඇත්තේ බී.එෆ් 7 ඔමික්‍රෝන් උප ප්‍රභේදය ද යන්න දැනගත හැකි බව අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත.

Related posts

අංකුඹුර පොලිසියේ කොවිඩ් ආසාදිතයින් 7ක්

colombotoday

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනා

colombotoday

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්

colombotoday