මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාචික වාර්තාව ජුනි 28 වැනි දින බදාදා ප්‍රකාශයට පත් කළේය. එහෙත් ජුනි 27 දා රාත්‍රියේ එම වාර්තාව බ්‍රිතාන්‍ය ඊළාම් ඩයස්‌පෝරාව වෙත ලැබී තිබුණි. මානව හිමිකම් කොමසාරිස් සිය වාර්තාවේ දැක්‌වෙන කරුණු හෙළි කිරීමට පෙර ජිනීවාහි සිටින ඇමරිකානු තානාපති කින් හාපර් ඊළාම් ඩයස්‌පෝරාව වෙත දැනුම්දීමක් කරමින් ජිනීවා යෝජනාවලිය කිසිදු ලෙසකින් සංශෝධනයට ලක්‌වන්නේ නැතැයි දක්‌වා තිබුණි. ඒ වන විට ජාත්‍යන්තර නීතිවේදීන් හයදෙනෙක්, ද්‍රවිඩ සන්ධානය, දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන හයක් මානව හිමිකම් කොමසාරිස් අමතමින් ශ්‍රී ලංකා රජය එල්ලවී තිබෙන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ද ජිනීවා යෝජනාවලියෙන් නිර්දේශ කර ඇත. ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහාය ලබා ගන්නේ නැති බව පවසා ඇත. මේ නිසා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්‌ථාපිත කරන ලෙස ඔවුන් මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත කියා සිටියහ.
එම ඉල්ලීම එලෙසම ඉටු විය. මානව හිමිකම් කොමසාරිස් හුසේන් ඊළාම් ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන හමුවේ දණ නැමුවේය. ඔහුගේ තීන්දුව ජුනි 27 දා රාත්‍රියේ ඊළාම් ඩයස්‌පෝරාවට වාර්තා වූ විගස කොටි හිතවාදීහු අතිශයින් ප්‍රමෝදයට පත්වූහ.
යුද අපරාධ චෝදනා හෙවත් වගවීමේ යාන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාචික වාර්තාවෙන් කියා සිටියේය.
එසේම මානව හිමිකම් විෂය පථයට අයත් නොවන කරුණු පවා එම වාර්තාවට ඇතුළත් විය.
මෙවර වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එල්ල වූ ඇති යුද අපරාධ චෝදනා ගැන ද විමර්ශනය කළ යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌වරයා පළ කළේය.
ඔහු ජුනි 20 දා කොටි හිතවාදියකි වූ එමානුවෙල් ස්‌ටොක්‌ස් නමැත්තා ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ හෙළා ඇති බවට එල්ල කළ චෝදනාව ද සිය වාර්තාවට ඇතුළත් කරනු ලැබීය. පොකුරු බෝම්බ හෙළීම සම්බන්ධයෙන් නව සාක්‍ෂි මතුවී ඇති බව පැවසූ සෙයිද් රාද් හුසේන් ඒ ගැන ද අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යෑයි සඳහන් කළේය.
2012 වසරේදී ඇසෝෂියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාවේ රවි නේස්‌ටන් නමැත්තා ගෙතූ මෙම පොකුරු බෝම්බ චෝදනාව ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එකී සාවද්‍ය චෝදනාව ද තම වාචික වාර්තාවට ඇතුළත් කිරීමෙන් මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඒකපාක්‍ෂික ලෙස කටයුතු කර ඇති අයුරු සනාථ වේ.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා දක්‌වා ඇති කරුණු මෙසේයි.
1. ස්‌වාධීන හා අපක්‍ෂපාතී ක්‍රියාමාර්ගයක් උදෙසා ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත යාන්ත්‍රණයක් අවශ්‍යයි.
2. හමුදාව සිදු කරන සෝදිසි කිරීම් සහ වද හිංසා සිදුකිරීම් ගැන චෝදනා එල්ල වී ඇත.
3. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධ කටයුතු කිරීමේදී මානව හිමිකම් වගවීම් සහ යුක්‌තිය පසිඳලීම් යන කරුණු සඳහා සම්මුති ඇතුළත් කර නොගත යුතුය.
4. විපතට පත්වූවන් වෙනුවෙන් අන්තර්ජාතික වගකීම් යාන්ත්‍රණයක් අනිවාර්ය වේ.
5. යුද අපරාධ ගැන සෙවිය යුතුයි. එවන් චෝදනා ලත් අයට එරෙහිව කටයුතු කළ යුතුයි.
6. උතුරේ ආරක්‍ෂක හමුදාව තවදුරටත් රැඳී සිටී.
7. රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගේ තත්ත්වය අවිනිශ්චිතය.
8. නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වේ.
9. ශ්‍රී ලංකාවට පැමිණෙන ද්‍රවිඩයන්ට වදහිංසා සිදුකරන බවට වාර්තා වී ඇත.
10. ආරක්‍ෂක හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කෙරෙන්නේ සෙමිනි.
11. හමුදාව වාණිජ කටයුතුවල යෙදී සිටී.
12. විදේශගත ඩයස්‌පෝරාවේ හඬට සවන්දිය යුතුයි.
13. ශ්‍රී ලංකා හමුදාව සාම කටයුතුවලට විදේශගත කිරීමට පෙර නිසි විමර්ශනයක් කළ යුතුයි.
14. ශ්‍රී ලංකා හමුදාව පාලනය කරනු- යුද අපරාධ චෝදනාවලට වගකිවයුතු අයට එරෙහිව ක්‍රියාකරනු.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා මානව හිමිකම්වලට අමතරව මෙරට ජාතික ආරක්‍ෂාවට හා දේශපාලන කටයුතුවලට ද බරපතළ ලෙස මැදිහත්වී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට අභියෝග කිරීමට මෙරට දේශපාලන යාන්ත්‍රණය ක්‍රියා කර නැත.
එසේම ශ්‍රී ලංකා හමුදාව එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා කටයුතුවලට යෑවීම සම්බන්ධව යෝජනාවක් මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත්තේ කොටි හිතවාදීන් සමඟ එක්‌ව කටයුතු කරන හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක් වූ යස්‌මින් සුකා ය.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාර්තාවෙන් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් නිදහස් නොකිරීම ගැන ද කම්පනයට පත්වී ඇත. “250 ක පිරිසක් තවමත් රැඳවුම්භාරයේ සිටිනවා. එහෙත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර හෝ මුදාහැරීමක් සිදු කර නැත. ඉන් ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ අසහනයට පත් වී සිටිනවා. 2016 පෙබරවාරි මස මා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්‌ථාවේ එකී රැඳවියන් නිදහස් කිරීමට හෝ ඔවුන්ට කඩිනමින් චෝදනා එල්ල කරන ලෙස රජයට දැනුම් දුන්නා යෑයි ඔහු සිය වාර්තාවේ දක්‌වා තිබේ.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා මින් කියා සිටින්නේ 2001 ජුලි 24 දා කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කර මහා විනාශයක් කළ රාජසිංහම් පුෂ්පකුමාරන් හෙවත් පොන්නදුරෙයි නිර්මල රංජන් හෙවත් මංසුර් වික්‌ටර් ඇල්ප්‍රඩ්, ඩොමිනින්, සුබ්‍රමනියම් නවරාජසිංහම්, නාගේන්ද්‍රන් නාගරත්නම් සහ ධනබාලසිංහම් ජයලක්‍ෂ්මී වැනි බිහිසුණුq ත්‍රස්‌තයන් මුදාහරින ලෙසද?
මෙම වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ගේ වුවත් එය හඬ ඡේකොබ්ගේ අත ඊසොප්ගේ අණ ක්‍රියාදාමයට සමානය.
වාර්තාවට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් බව තහවුරු වේ.
ඒ බව සනාථ වන්නේ “සිංහලේ” නමින් ස්‌ටිකර් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව තමාට වාර්තා වී ඇතැයි කොමසාරිස්‌වරයා පැවසීමයි.
මේ අතර පසුගිය මැයි 16 දා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සහභාගීත්වයක් සම්බන්ධ කර නොගන්නා බව පවසා ඇති බවත් එහෙත් වගවීම සම්බන්ධව ජාත්‍යන්තර සහභාගීත්වය අවශ්‍ය බව තම මතය යෑයි ද මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාර්තාවෙන් අවධාරණය කර ඇත.
එසේම ඔහු ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක් ද කර ඇත. ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය යුද අපරාධ මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ද සොයාගත් බව සිහිපත් කළ යුතු බව සෙයිද් රාද් හුසේන් තවදුරටත් දක්‌වා තිබේ.
මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ තත්ත්වය තවත් බරපතළ කර ඇත. 2015 ඔක්‌තෝබර් මස සම්මත වූ ජිනීවා යෝජනාවලියේ විපාක මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ පිටු නවයක වාර්තාවෙන් හොඳින් පැහැදිලි වේ.
මෙරට ජනතාව වැට් බදු සහ වෙනත් ප්‍රශ්න ගැන අවධානය යොමු කර තිබියදී විශාල ධනසම්භාරයක් ස්‌විස් බැංකුවල තැන්පත් කර ඇති කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත දැඩි බලපෑම් එල්ල කර සිය අභිමතාර්ථයන් ඉටු කර ගෙන ඇත.
එසේම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ද ජිනීවා වෙත ගොස් මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ තානාපතිවරු හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මේ අයහපත් තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌වරයා උතුරේ හමුදාව රැඳී සිටීමේ සිට හිටපු මිනීමරු කොටි ත්‍රස්‌තයන් නිදහස් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණය කළ යුතු බ ව දක්‌වමින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
එසේම මින්මතු ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවට එක්‌වීම සඳහා මෙරටින් භට කණ්‌ඩායමක් යෑවීමට පෙර එම භටයන් මානව හිමිකම් උල්ලංඝනය කළ වුන් ද නැද්ද යෑයි නිරීක්‍ෂණය කිරීමට සිදු වේ.
එම නිරීක්‍ෂණයට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ද අයත් වේ.
ලෝක ඉතිහාසයේ මෙවන් ක්‍රමවේදයක් සිදු වන මුල් අවස්‌ථාව මෙයයි. ඇමරිකානු රජය ඇaගනිස්‌තානයට හමුදා බළකායක් යෑවීමට පෙර එම බළකාය මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලවා නිරීක්‍ෂණය කරන්නේ නැත. මෑතකදී බ්‍රිතාන්‍ය රජය එස්. ඒ. එස්. විශේෂ බළකායක් සිරියාවට යවනු ලැබීය. එස්. ඒ. එස් බළකාය සිsරියාවට යෑවීමට පෙර ඔවුන් පිළිබඳව මානව හිමිකම් ක්‍රියාකාරිකයකු විමර්ශනය කළ යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස් උපදෙස් දී තිබේද?
මානව හිමිකම් කොමසාරිස්‌ගේ මෙම හාස්‍යජනක නිර්දේශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ යුද හමුදාවේ කටයුතුවලටපවා මානව හිමිකම් කොමසාරිස් මැදිහත් වී ඇති බව සනාථ වෙයි.
සෙයිද් රාද් හුසේන්ගේ මේ නිර්දේශවලින් පසු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක පැවැති රැස්‌වීමක් ඇමතූ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ලබන වසර අවසන් වන විට උතුරු නැගෙනහිර හමුදාකරණයෙන් තොර වන බව කියා සිටියේය.
මානව හිමිකම් උලAලංඝනය කිරීම පිළිබඳවූ යන්ත්‍ර්‍රණය ස්‌ථාපිත කරන්නේ සියලුම දේශපාලන පක්‍ෂ සමඟම සාකච්ඡා කිරීමන් පසුව බවද හෙතෙම තවදුරටත් පළ කර ඇත.
මෙම රැස්‌වීමට පැමිණ සිටි ඊළම්වාදීන් උතුරෙන් හමුදාව ඉවත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර ඇත. මෙයට ප්‍රතිචාර දැක්‌වූ විදේශ කටයුතු ඇමැතිවරයා මෙලෙස පවසා ඇත.
උතුරින් ක්‍රමානුකූලව ඉවත් වන ලෙස අපි හමුදාවෙන් ඉල්ලා තිබෙනවා. හමුදාව යටතේ තිබූ ඉඩම් රැසක් දැනටමත් මුදාහැර තිබෙනවා. එහෙත් ඉඩම් නිදහස් කිරීමේ වේගය ගැන අපි සතුටු වන්නේ නැහැ. හමුදාව පවත්වාගෙන ගිය වාණිජ ව්‍යාපාර ආපසු බාරදී තිබෙනවා. එහෙත් තවත් ව්‍යාපාර කීපයක් පමණක් තිබෙන බව කිව යුතුයි.
මෙම අවස්‌ථාවේ නැඟී සිටි කොටි හිතවාදියෙක් සිදුවී ඇති ම්ලෙච්ඡ සමූල ඝාතනවලට සම්බන්ධ වූවන්ට එරෙහිව ක්‍රියා කළ යුතු යෑයි දකුණේ සිංහලයන්ට තේරුම් කර දීමට රජය ගෙන ඇති පියවර කුමක් දැයි ප්‍රශ්න කර ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාමාර්ගක් අරඹා ඇතැයි එම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වූ විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
පොකුරු බෝම්බ චෝදනාව ද ප්‍රතික්‍ෂේප කළ විදේශ ඇමැතිවරයා එම චෝදනාව සත්‍ය නම් ඒ ගැන සොයා බලන බව කියා සිටියේය.
මෙම රැස්‌වීමට පැමිණ සිටි තවත් ඊළම්වාදියෙක් ශ්‍රී ලංකාවේ රජය ද්‍රවිඩ ජාති සංහාරයක් සිදු කර ඇතැයිද චෝදනා නැඟීය.
එම චෝදනාවට ප්‍රතිචාර දැක්‌වූ සමරවීර මහතා සමූල ඝාතනයන් සිදුවී නැති බවත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් කීපයක් ඇතැයිද ඉන් කීපයක් යුද අපරාධ බවත් කීවේය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට සත්‍ය දැන ගත යුතුව ඇතැයිද විදේශ කටයුතු ඇමැතිවරයා තවදුරටත් දන්වා ඇත. මෙම රැස්‌වීමට ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානියා වූ එමානුවෙල් පියනම සහ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් ද සහභාගි වී ඇත. මේ අතර මානවහිමිකම් සැසිවාරය ආරම්භ වීමට පෙර පසුගිය ජුනි 24 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගිය තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සිවුදෙනකුගෙන් යුත් කල්ලියක් මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී රැස්‌වීමක් පවත්වා ඇත. මෙම කණ්‌ඩායමට පර්ල් නමැති සංවිධානය වෙනුවෙන් මාරියෝ අරුල්තාස්, ඉමාඩ් සංවිධානයේ, නිමල්කා ප්‍රනාන්දු, ඉම්ෙda සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ රංජිත් කීර්ති තෙන්නකෝන් නමැත්තා ද සහභාගි වීය.
මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ ද්‍රවිඩ ජනතාවට වගවීම සහ යුක්‌තිය පසිඳලීමට රජය අපොහොසත් වී ඇති බවයි. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා ජිනීවා ගොස් මානව හිමිකම් ගැන හඬ නැඟීමයි. මේ තත්ත්වය මත රටවල් 12 ක් ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් අධිකරණයක් ස්‌ථාපිත කළ යුතු යෑයි සමුළුව හමුවේ දැඩි ලෙස ප්‍රකාශ කර ඇත.
මෙහිදී රුසියාව ලංකාවට පව ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ කටයුතු වලින් වැලකී සිටිය යුතුයෑයි පවසා ඇත.
– කීර්ති වර්ණකුලසූරිය