Colombo Today Local News

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නටඹුන් වූ දාගැබක් ආශ්‍රිතව සිදු කරන පුරාවිද්‍යා කැනීමකින් වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් හමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කැනීම සඳහා උපදේශකත්වය සපයන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ය.

ආචාර්ය ධනංජය ගම්ලත් මහතා සඳහන් කළේ , මහායාන සම්ප්‍රදායට අනුව ඉදි කළ ස්ථූපයක් එහි ස්ථාපිත කර ඇති බවය.

ක්‍රිස්තු වර්ෂ 6 හා 8 සියවස්වවලට අයත් මෙම දාගැබ මීට දශක 6කට පමණ පෙර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව කැනිම්වලදී හෙළිව තිබේ.

කැනීම්වලදී ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට යොදා ගත් කරඬුවේ කොත් කැරැල්ල හා මැටි බරණියක කොටසක් මෙන්ම වර්ණ ගන්වන ලද මැටි හෙප්පුවක්ද පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබේ.

මීට අමතරව අක්ෂර කිහිපයක් කොටන ලද ගඩොල් කිහිපයක් මෙන්ම පැරණි දාගැබේ පැරණි කොත හා දේවතා කොටුවේ කොටස් ද සොයාගත් බව ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ප්‍රකාශ කළේ ය.

එහි කැනීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

අකාර්යක්ෂම නගර සභාව ව්‍යාපාරිකයන් රකිද්දි කුණු ගඳ ගහන මහනුවර ඇල මාර්ග

colombotoday

කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය හමුවකටත් ගිහින් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday