ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්විය. ඔහු ඇතුළු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නිලධාරීන් පිරිසක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගන්න ලදි.
2010 සිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා තමාට ආරාධනා කළ බව සිහිපත් කළ ෆොන්සේකා මහතා එජාපය සහ කැළණියේ එජාප පාක්ෂිකයන් වෙනුවෙන් අපකැප වන බවද සදහන් කළේය.
අද පටත් තමාගේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙලට උපරිම සහය ලබාදීමේ අරමුණින් තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වුණු බවත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.