Covid 19

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

නව කොරෝනා ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89175 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 302 දෙනා රටතුළින් හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 106කි.

ඊට අමතරව, සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් ලෙස වාර්තා වී ඇත.

සමස්ත ආසාදිතයින් 89,175 දෙනාගෙන් 85,944 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,693 දෙනෙකු පමණි.

කොරෝනා ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 538ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102 ක් තුළ පුද්ගලයින් 10,692 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (18) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 8,966 කි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ද මෙරටදී සාර්ථකව ක්‍රියාත්මක අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 9136 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛාව ද 815,585 ක් දක්වා ඉහළ යනු ඇති.

Related posts

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

ඩෙල්ටා වසංගතයක් ලෙස මෙරට පැතිර යාමේ අවදානමක්.. | ආසාදිතයන් අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා.

colombotoday

තවත් කොරෝනා ආසාධිතයන් 274 ක්

colombotoday

බිමල් ජයකොඩිත් කොවිඩ් ආසාදනය වෙලා

colombotoday

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday