ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (19)දින පැවැත්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 10.30ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂවල එකඟතාව ලබාගැනීමේ අරමුණින් එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
එමෙන්ම මැයි දිනය සැමරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානයට ලක් කෙරෙනු ඇති බව වාර්තා වේ.