Colombo Today Local News

නිරෝධායනය මගහැර බස් රථයකින් පළා ගිය වනාතමුල්ලේ අයෙකු මත්තලදී අල්ලයි

හුදෙකලා කරන ලද වනාතමුල්ල ග්‍රාමසේවා වසමේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ පර්යන්තයේදී ඊයේ පොලිස් භාරයට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ පිරිසක් නිරෝධායන රීතින් උල්ලංඝණය කරමින් අධිවේගි මාර්ගයේ ගමන් කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී මෙම බස් රථය පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ බොරැල්ල, ෆර්ගියුසන් පාර සහ ඒ ආසන්න ප්‍රදේශවල පිරිසක් ද බස් රථයේ සිට ඇති බවය.

හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු අනවසරයෙන් රැගෙන යාම නිසා එම බස් රථය පසුව බොරැල්ල පොලීසිය වෙත මත්තල සිට රැගෙන විත් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බස් රථයේ සිටි මගීන් 51 දෙනෙකු මේ වනවිට බොරැල්ල ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතය.

හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු අනවසරයෙන් රැගෙන යාමේ චෝදනා මත එම බස් රථයේ රියැදුරු, සහායකට සහ අයිතිකරුට එරෙහිව නඩු පවරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිටි පුද්ගලයාට එරෙහිව ද නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

Admin

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday