Colombo Today Local News

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයේ කෘතිම රා නිපදවිම සිදු කරමින් තිබු මධ්‍යස්ථානයක් අද (19)දින වටලා නිපදවා තිබු කෘතිම රා විශාල තොගයක් සමග එම රා නිපදවිමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් ද, උපකරණ තොගයක්ද, සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකය කියයි.

දින කිහිපයක් තිස්සේ සිදු කළ පරික්ෂණයන්ට පසුව නිලධාරින් අද (19)දින අළුයම කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ ඉඩමක පවත්වා ගෙන ගිය මෙම මධ්‍යස්ථානය වටලා ඇති බවත් කියයි.

තහඩු ආවරණයක් මඩුවක් සේ සකස් කර ඒ තුළ මෙම කෘතිම රා සකස් කරන ස්ථානය පවත්වා ගෙන ගොස් තිබුණි. පොල් රා එකතු කිරිමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමටත්, පොල් රා ප්‍රවාහනය කිරිමටත් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බලපත්‍ර ලබා ගෙන මෙම කෘතිම රා සකස්කරණ මධ්‍යස්ථානය එහි පවත්වා ගෙන ගිය බවත් එසේ නිපදවන කෘතිම රා වෙනත් ප්‍රදේශයන් වෙත එම ප්‍රවාහන බලපත්‍ර මගින් ප්‍රවාහනය කළ බවට කරුණු අනාවරණය වු බවත් පොලිසිය කියයි.

සීනි යිස්ට් යුරියා හා පොල් රා ස්වල්පයක් ජලය සමග කලවම් කර දිනක් පල් කර මෙම කෘතීම රා නිපදවා ඇති බවත් කියයි. මේ තුළ තිබි සකස් කරන ලද කෘතීම රා ලීටර් 266200 ක් ද විශාල ප්ලාස්ටික් බුලි 10 ක් සිනි යිස්ට් යුරියා විශාල තොගයක් ද කුඩා ප්ලාස්ටික් බූලි තොගයක්ද අත් අඩංගුවට ගෙන ඇත. එහි හිමිකරු කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මධ්‍යස්ථානයේදි සකස් කරණ කෘතිම රා මාදම්පේ සිට වත්තල දක්වා රජයේ අවසර ලත් රා තැබැරුම් වලට අලෙවි කර ඇති බවත් එම තැබැරුම් වලින් ජනතාවට අලෙවි කර ඇත්තෙක් පිරිසුදු පොල් රා වෙනුවට මෙසේ සකස් කළ කෘතිම රා බවත් හෙළි කර ගෙන ඇත.

සැකකරු හා අත් අඩංගුවට ගත් දුව්‍ය හා උපකරණ හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන නිලධාරිහු හා ආරච්චිකට්ටුව බුද්ධි විමර්ශන නිලධාරිහු මෙම වැටලිමට එක්ව සිටියහ.

Related posts

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

colombotoday

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

colombotoday

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

Admin