Colombo Today Local News

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියා ලබාදෙන පවසමින් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වරාය අධිකාරියේ සභාපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා බව පවසා විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බව පොලීසිය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලිවලට අදාළ විමර්ශනවලින් අනතුරුව කොළඹ වරාය පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කර සිටියදී පසුගිය 2018 වසරේදී වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

සැකකරු කදාන පොලීසියට භාර දී ඇති අතර ඔහු අද (19)දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

colombotoday

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

Admin

දැයට පණ දුන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් දැයෙන් සමුගෙන වසර 68යි

colombotoday