6 April 2025
Colombo Today Local News

බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

Sinhalee-1
බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන මර්ධනයට එරෙහිව ස්වාමීන් වහන්සේලා පිරිසක් මහියංගනය නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මුස්ලිම් අන්තවාදීන්ගේ අල්ලසට යටවූ මහියංගනය පොලීසිය ජනතාව කුපිත කරවමින් සිදු කරන අත්තනෝමතික ක්‍රියාවලට සහ බෞද්ධ ජනතාවට එරෙහිව පාලකයන්ගෙන් එල්ලවන කෙණෙහිළිකම්වලට විරෝධය දක්වමිනුයි මෙම උපවාසය ආරම්භ කර තිබෙන්නේ.

පසුගිය වෙසක් පුන් පොහෝ දා රාත්‍රියේ මහියංගනය ‍දඹගොල්ල ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී පිරිසක් වෙසක් කූඩු සහ බෞද්ධ කොඩි ගිනි තබා තිබූ අතර ඊට සැකපිට පරගම්මන මුස්ලිම් ගම්මානයේ 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා.

ජාතික සංහිදියාවට ගිනි අවුලවමින් සිදුවූ මෙම අන්තවාදී ක්‍රියාවට එරෙහිව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් පසුගිය 26 පෙරවරුවේ මහියංගන නගරයේ සියළුම වෙළදසැල් වසා දමා සාමකාමීව විරෝධය පළ කිරීම සදහා කටයුතු සංවිධානය කර ඇත. අදාළ දිනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම වළක්වමින් මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර මුස්ලිම් අන්තවාදී පිරිසගේ අල්ලසට යටවූ ඔහු ‘මුස්ලිම් කඩ වැසීමට’ එකෙකුටවත් ඉඩ දෙන්නේ නැතැයි පවසමින් තර්ජණය කළ බවද විරෝධතාව සංවිධානය කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

මේ අතර අදළ විරෝධතාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා “අන්තවාදයට එරෙහිව ආගමික සහජීවනය පෙන්වමු” යනුවෙන් පෝස්ටර් ඇලවූ තරුණයන් පස් දෙනෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් අරඹා ඇත. බෞද්ධ කොඩි ගිනිතැබූ අන්තවාදීන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිවූ තරුණයන් මහා අපරාධකරුවන් සේ සළකමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මහියංගනය පොලීසිය ප්‍රදේශය පීරමින් සිටින බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරයි.

සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා විසින් මහා නායක හිමියන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දේශපාලකයන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. මේ අතර පසුගිය පළවෙනිදා මහියංගනය රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් දහසකට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් මහ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඇත.

ජාතිවාදී බෙදුම්වාදී ඉල්ලීම් මුල්කරගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් පවත්වද්දී ආගමික සහජීවනය වෙනුවෙන් හා තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමාකාමීව හඩ නැගීමටවත් සිංහල බෞද්ධ ජනතාවට පාලකයන් ඉඩක් ලබා නොදෙන බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

Sinhalee-2

Related posts

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

colombotoday

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

දියනෑමට ගිය පාසල් සිසුවෙක් රළ අතරේ සැඟවෙයි

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday