Colombo Today Local News

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

bazil rajapaksha

පළාත් සභා හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් මූලික කරගත් නව ජාතික බලවේගයක් ගොඩනගන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා විසින් නව දේශපාලන සංවිධානයක් ගොඩනැගීමට පියවර ගෙන ඇති බවට පලවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු බව කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව යාමට පෙරාතුව, මෙම සංවිධානයට එක්ව සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, මෙම සංවිධානය දීපව්‍යාප්තව ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීම සඳහා එහි ප්‍රධාන සංවිධායක ධුරය බැසිල් රාජපක්ෂ මහතාට බාරදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පියවර ගෙන ඇත.

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි කැපවීමක් කළ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මූලික කරගෙන ගොඩනගා ඇති මෙම සංවිධානයේ ප්‍රධාන තනතුරු සඳහා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කර නොගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

මෙම සංවිධානයේ රැස්වීම් මාලාවක් දීපව්‍යාප්තව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි මංගල රැස්වීම ලබන 28 වැනිදා ගම්පොළ නගරයේදී පැවැත්වෙන අතර, 2 වැනි රැස්වීම ජූලි මස 01 වැනි දා බදුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මූලාශ්‍රය srilankamirror.com

Related posts

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

colombotoday

පොලීසියේ කෲරත්වයට එරෙහිව නව සංවිධානයක්

colombotoday

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

colombotoday

ආපනශාලාවල පොල්සම්බල් කිරිහොදි අතුරුදහන්

Admin

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

තවත් විල්පත්තුවක් කරන්න යන, මාදුරු ඔය රක්ෂිතයේ වන සංහාරය. (VIDEO)

colombotoday