Colombo Today Local News

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

පවතින කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ ජනතාවට පමණක් දුෂ්කරතා විඳ දරා ගනිමින් ක්‍රියා කරන ලෙස ප්‍රකාශ කිරීම කිසිසේත් සුදුසු නොවන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඔවුන්ගේ වැටුප ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ යුතුව පවතින බව උන්වහන්සේ පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්,

“පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු, කරන පරිත්‍යාගය මොකද්ද? අති විශාල ධනස්කන්ධයක් ලබනවානේ මාස්පතා වැටුප් හැටියට. යාන වාහන, දුරකථන මේ සියලු පහසුකම් ලැබිලා තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ට. ඒ මන්ත්‍රීවරු සියයට ගානක් හෝ රජයට පරිත්‍යාග කළ යුතුයි ජනතාව මේ තරම් පරිත්‍යාග කරනවානම්. ආර්ථික අර්බුදයක දී එවැනි පරමාදර්ශී චරිත බවට දේශපාලනඥයින් පත්විය යුතුයි නේද? අපිට පුළුවන් විදියට අපි මිනිස්සුන්ට උදව් උපකාර කරගෙන යනවා. කන්න නෑ කියලා කෝල් කරලා අපේ පන්සල්වලට මිනිස්සු එනවා. කිරිපිටි නෑ කියලා එනවා. අපිටත් ලොකු ගැටලුවක්. සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න මේ රට වෙනුවෙන්. ජනතාවට විතරක් පටි තද කරන්න කියන එකට අපි විරුද්ධයි.‍“

Related posts

ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

Admin

මහා සංඝරත්නය පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා පෙළපාලියකින් කොළඹට

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

colombotoday

ඥානසාර හිමි බන්ධනාගාරයට

colombotoday