Colombo Today Sports News

කේ. මතිවානන්ගේ පාර්ශවය ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කර ගනී

කේ. මතිවානන් පාර්ශවය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කරගෙන තිබේ.

2021 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අනිද්දා පැවැත්වීමට නියමිත ය.

ඊට නාම යෝජනා ඉදිරිපත් කළ, කේ. මතිවානන් පාර්ශවය නිලවරණ කමිටුවට අද ලිපියක් යොමු කරමින් පවසන්නේ, තමන් නිලවරණයෙන් ඉවත් වන බවයි.

සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන් මහතා සමග එම ලිපිය යොමු කර ඇත්තේ, ලේකම් තනතුරට නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංග සහ උප සභාපති තනතුරකට නාම යෝජනා ඉදිරිපත් කළ බන්දුල වර්ණපුර යන මහත්වරුන් ය.

1996 ලෝක කුසලානය දිනා, 2011 වසරේ ක්‍රිකට් ලෝක අනුශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසකට හිමිකම් කී ශ්‍රී ලංකාව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි පත්ව ඇති තත්ත්වයට වත්මන් පරිපාලනය වගකිව යුතු බව එම ලිපියේ දැක්වේ.

මේ අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ, ක්‍රිකට් විකාශන අයිතියට ලැබිය යුතු මුදල් වෙනත් විදෙස් ගිණුම්වලට යොමු කළ සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් පරිපාලනය අසමත් වූ බවය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිණුම්, විගණකාධිපතිවරයා වෙත යැවීම ප්‍රමාද කිරීම ද ගැටලුවක් ලෙස එහි සඳහන් ය.

කේ. මතිවානන් මහතා ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා කෝප් කමිටුව ඉදිරියේ පවා අනාවරණය වූ බවය.

නිලවරණයේදී සාමාජිකයන්ගේ ඡන්ද මිලට ගැනීමට එම වත්මන් පරිපාලනය උත්සාහ කරන බව අදාළ ලිපියේ සඳහන් ය.

Related posts

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල්ට

colombotoday

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

“ඩිල්ස්කූප්” නිමයි… ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

colombotoday

එංගලන්ත සුපිරි පිතිකරුවෙක් සමු ගැනීම ප්‍රකාශ කරයි

colombotoday

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday