Colombo Today Local News

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරමින් මඩකලපුව කල්කුඩා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක නිරත වෙමින් සිටි පුද්ගලයකු අද (18)දින පෙරවරුවේ කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු අද පෙරවරුවේ කල්කුඩා වෙරළ තීරයේ තවත් පුද්ගලයන් 8 දෙනකු සමඟ එක්ව මුහුදට මල් දමා වෙරළ තීරයේ පහන් දල්වමින් සිටියදී කල්කුඩා පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සියලු දෙනා ම කළු පැහැති ඇඳුම් ඇඳගෙන සිටි බවද පොලිසිය කියයි .

මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරුම් උත්සව කිහිපයක් මඩකලපුව කොට්ටාශයේ සිදුකිරීමට සිදු කිරීමට නියමිත බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එය වළක්වමින් පුද්ගලයන් 28 දෙනකුට අධිකරණ නියෝග ලබාගෙන තිබිණි.

අත්අඩංගුව ගත් එම සැකකරු ද අධිකරණයෙන් තහනම් නියෝග ලැබ සිටි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි . මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සැකකරු දැනුවත් කර ඔහුගේ නිවසේ ද එම නියෝගය අලවා තිබියදී සැකකරු ඒ බව නොතකා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබිණි

Related posts

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday

ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී.. ඇපමත නිදහස්

colombotoday

මේ සතිය ඇතුළත අලුතෙන් රැකියා විසිදාහක් – අගමැති කුලියාපිටියේදී කියයි

colombotoday