Colombo Today Local News

කොටි ඩයස්පොරාවේ 13 දෙනාට සිර දඩුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ශේප කරයි

කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ සැකකාර ශ්‍රී ලාංකික දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනෙකුට සිරදඬුවම් නියම කිරීම ස්විට්සර්ලන්ත මධ්‍යම අපරාධ අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇතැයි එරට පළවන ස්විස් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කර සිටියි.

මෙම නඩුව පෙරේදා (14) එරට අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබාදී ඇත.
ඔවුන් 13 දෙනාට අත්හිටවූ සිරදඬුවම් හෝ නිදහස් කිරීමට එම අධිකරණය විසින් පියවර ගෙන ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඔවුන් කොටි වෙනුවෙන් මුදල් රැස් කිරීම සිදුකර ඇති බවට තහවුරු කළ සාක්කි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන් මෙලෙස චෝදනා වලින් මුදා හැර තිබේ.

එසේම අපරාධ සංවිධානයකට සහය දැක්වූ බවට එල්ල වන චෝදනා වලින් සියලූම සැකකරුවන් නිදහස් කිරීමට ද  ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය තීන්දු කර ඇත.

මෙම නිදහස් කළ පිරිස ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානයේ සාමාජිකයන් බව සඳහන් වේ. එම සංවිධානය සහ කොටි සංවිධානය අතර සම්බන්ධය ප‍්‍රමාණවත් ලෙස තහවුරු වී නොමැති බවද ස්විස් මධ්‍යම අධිකරණයේ මතයයි.

එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරුන් සඳහන් කරනු ලැබුවේ කොටි සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස හැදින්වීම සඳහා ප‍්‍රබල සාක්කි ප‍්‍රමාණවත් ලෙස නොතිබූ බව තමන්ට හැගී යන බවයි.

මෙම කොටි අනුගාමිකයන්ට මාස 18 සිට වසර 6 දක්වා සිරදඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ අපරාධ සංවිධානයකට සහය ලබාදීම වංචා, දුෂණ සහ මූල්‍ය විශුද්ධිකරණය ඇතුළු චෝදනා යටතේ යැයි ඊට විරෝධතා දක්වමින් ස්විස් නීතිපතිවරිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියාය.

එමෙන්ම, ඔවුන් ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් බලහත්කාරයෙන් මුදල් එක්රැස් කළ බවට ද නීතිපතිවරිය එහිදී කරුණු ඉදිරිපත් කළාය. කොටි සංවිධානය ස්විට්සර්ලන්තය තුළ නියෝජනය කරන්නේ ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව බව එහිදී ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, ළමා සොල්දාදුවන් සන්නද්ධ කළ කොටි, අල්කයිඩා ඇතුළු අනෙක් ත‍්‍රස්ත සංවිධානවලට මූල බීජ සැපයූ බවයි ස්විස් නීතිපතිවරිය කියා සිටියාය.

සියලූ කරුණු සළකා බැලූ ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය මෙම දෙමළ ජාතිකයින් 13 දෙනාට දඬුවම් පැමිණවීම ප‍්‍රතික්ෂේප කරන ලදී.

Related posts

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන ශ්‍රී ලංකා රජයට අවි අමෝරයි.

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

colombotoday

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday