Colombo Today Local News

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රෝගවලින් පෙළෙන්නන්ට වෛරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.

Related posts

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin