Colombo Today Local News

LTTE මූල්‍ය ජාලය තවමත් සක්‍රීයයි.. ඩයස්පොරා තහනම රජය ඉවත්කරද්දී අමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

ltte d525

එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර මූල්‍ය ජාලය අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක මේ වනවිට ද ක්‍රියාත්මක වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමුවද එහි ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක වන බවත් කොටි හිතවාදී පිරිස් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ අරමුදල් රැස් කරමින් සිටින බවත් ය.

එම නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ හි ජාත්‍යන්තර ජාලය 2015 වසරේද ක්‍රියාත්මක වෙමින් සංවිධානයට අවශය අරමුදල් රැස්කර තිබේ. ඔවුන් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන යොදාගෙන විවිධ පිරිස් මෙම ජාවාරම් මෙහෙය වන බවය.

කෙසේවෙතත් එම දෙපාර්තමේන්තු නිවේදනයේ ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අවධාරණය කොට තිබේ.

එල්.ටී.ටී.ඊ මතවාදය ප්‍රචාරය කිරීම සහ සෘජුවම අරමුදල් එක්රැස් කළ ඩයස්පොරා සංවිධාන කිහිපයක සහ පුද්ගලයන් පිරිසකට ලංකාව තුළ පණවා තිබූ තහනම් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ අතර ඉතිරි සංවිධානවලට පනවා තිබෙන තහනමද ඉවත් කිරීමට සලකා බැලෙන බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ.

Related posts

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

colombotoday

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday