Colombo Today Local NewsUncategorized

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු මුහුණු පොතින් මුණගැසුණු 24 හැවිරිදි තරුණියක් සමඟ පෙම් සබඳතා පවත්වා ඇත.

ඇය සමඟ සමීපව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්වතිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා වි තිබේ.

මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සමීප සබඳතා පවත්වා ඇති බව ද වාර්තා වෙයි.

පසුව මෙම තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සගවා තිබූ ලිපියක් හමුවී තිබේ.

එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා සමීපව හැසිරුණු ජායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය.

ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි පුද්ගලයෙක් බවට හෙළිදරව් කර ගෙන තිබේ.

ඒ අනුව එම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. ජයනාත් මහතා විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related posts

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

colombotoday

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

colombotoday

දේශපාලන අස්ථාවරය මැද ආර්ථික අපහසුකම් නිසා රට හැරදා යාමට තරුණ පිරිස් පෝලිමේ

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

රාජ්‍ය ගෞරව සහිතව ඉහළින් පිලිගනී.. ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති මෝදි හමුවෙයි !

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday