Colombo Today Local News

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ලබා දුන් සාක්ෂි මත පදනම්ව මෙරට ඇති වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

විදෙස් වත්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගනිමින් විමර්ශනට පියවර ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි.

විමර්ශනවලට අදාළව තිරුකුමාර් නඩේසන් මහතා මේ වනවිට අවස්ථා 02 කදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන්නේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ය.

Related posts

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

අත්‍යවශ්‍ය මහජන සේවාවක් කරමින් දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි

Admin

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

colombotoday