Colombo Today Local News

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දිනවල ගත් තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

උද්දනමය සියයට 70 කටත් වඩා වැඩි වෙතැයි උපකල්පනය කළ ද එම තත්ත්වය අඩුවී උද්දමනය සියයට 60කට වැඩි ප්‍රමාණයක පවතින බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කරයි.

රටට අවශ්‍ය ඉන්ධන ගෑස් සහ ආහාර, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය පවතින බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

රටේ අපනයන ආදායම වැඩි වෙමින් තිබෙන බවත් ආනයන පාලනයවීම නිසා ආනයන වියදම් අඩුවී ඇති බවත් කීවේය. මූලික අවශ්‍යතා ටික කළමනාකරණය කර ගැනීමට තරම් මේ වන විට අපට හැකියාවක් තිබෙන බව ද බැංකු ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමක පාලනය වී ඇතැයි ද සදහන් කරයි.

Related posts

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

colombotoday

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

රට සංවර්ධනය කිරීමට ජාතික ආණ්ඩුවක් ඕනෑ – පුරවැසි බලය

colombotoday