Colombo Today Local News

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබූ කොවිඩ් ආසාදිතයකුගේ දේහය ආදාහනය කිරීමට මරණකරුගේ ඥාතීන් විරෝධය පෑම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් පෙරේදා (16)දින පස්වරුවේ සිට මැදියම් රැය වනතෙක් මහත් අසීරුතාවට පත්ව සිටියහ.

ඉකුත් 15 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අමීන් උමරුල් ෆාරුක් නමැති (78) දඹදෙණිය මුම්මාන වල්පොලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු එසේ මියගොස් තිබිණ.

අදාළ රෝගියා රෝහල් ගත කිරීමේදී සිදුකර තිබූ පී.සී.ආර්. පරීක්ෂාවේ ප්‍රතිඵල පෙරේදා (16 දින) ලැබී තිබූ අතර, රෝගියා එදිනම පෙරවරුවේ මියගොස් තිබිණ. නිරෝධායනයට ලක්වෙමින් සිටින මියගිය තැනැත්තාගේ පවුලේ ඥාතීන් ගිලන් රථයකින් ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාර පරිශ්‍රයට කැඳවා එහිදී මියගිය රෝගියා ආසාදිතයකු බවට කරුණු පැහැදිලි කර දී තිබේ.

කෙසේ නමුත් දේහය භාරගත් බවට අත්සන් තැබීම පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුහු ආදාහනයට විරෝධය පෑහ. මියගොස් ඇත්තේ තම පියා බවත්, ඔහු ජීවත්ව සිටියදී ගින්දරට දැඩි බියක් දැක්වූ බවත් ඔවුහු වෛද්‍යවරුන්ට කීහ. ජීවත්ව සිටියදී දරුවන් සියලු දෙනාගෙන් අවසන් කැමැත්ත ලෙස මරණකරු ඉල්ලා තියුණේ මියයාමෙන් පසුව ආදාහනය නොකරන ලෙස බව කී මියගිය අයගේ ඥාතීහු දේහය තම ආගමානුකූලව සිදු කිරීමට ලබාදෙන ලෙස වැඳ වැටෙමින් ඉල්ලා සිටියහ.

සෞඛ්‍ය නීතිරීතිවලට එකඟ නොවීම හේතුවෙන් මෘත ශරීරය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණයේ උපදෙස් ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

colombotoday

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

Admin

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday