Colombo Today Local News

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

පසුගිය ආණ්ඩුව වෙන්කල මුදලට වඩා තුන් ගුණයක් යහපාලන ආණ්ඩුව නිවාස වැඩපිළිවෙල සදහා වෙන්කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී නිවාස හා ඉදිකිරීම් වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්ත සමරවීර මහතා අද වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ආණ්ඩුවට එල්ල කල චෝදනා වලට පිළිතුරු ලෙස සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයා සිය පිළිතුරු කතාවේදී අදහස් දැක්වු අතර විමල් විරවංශ අමාත්‍යවරයා සිටි කාලයේදී නිවාස අමාත්‍යංශයේ සිදුවු වංචා හා දූෂණ රාශියක් ගැනද හෙළිකරනු ලැබීය.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කියා සිටි පරිදි  හිටපු අමාත්‍ය විමල් විරවංශ විසින් තම ඥාතීන් උදෙසා නිවාස බෙදා දී තිබුනේ මෙසේයි,

  • වත්සලා කුමාරසිංහ හිටපු ඇමති විමල් වීරවංශගේ වැඩිමහල් සහෝදරියගේ එක් පුත්‍රයකුගේ බිරිදගේ නමින් නිවසක්.
  • ඉසුරු තරංගමලාමුතු රණවීර හිටපු ඇමති විමල් වීරවංශගේ වැඩිමහල් සහෝදරියගේ එක් පුත්‍රයකුගේ බිරිදගේ නමින් නිවසක්.
  • වසන්තා රූපසිංහ හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිදගේ සහෝදරයකුගේ බිරිදගේ නමින් නිවසක්.
  • වද්දචාරිගේ හේමසිරි හිටපු ඇමති විමල් වීරවංශගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමිපුරශයාගේ නමින් නිවසක්.
  • ආනන්ද ප්‍රියදර්ශන හිටපු ඇමති විමල් වීරවංශගේ නැගණියගේ ස්වාමිපුරුෂයාගේ නමින් නිවසක්.

2014/1/7 දින මාධ්‍යවේදීන් වෙනුවෙන් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමසදහායැයි පවසමින් රුපියල් ලක්ෂ 16ක මුදලක් නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන, හිටපු ඇමති විමල් වීරවංශගේ අක්කගේ පුතාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් යොදවා ඇති බවද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ සදහන් කර සිටියේය.

“ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 35 වැනි සංවත්සරය මුළු රටෙන්ම සල්ලි එකතු කර එයින් රුපියල් ලක්ෂ 5ක් හොරාකා ඇති බව සදහන් කරසිටි අමාත්‍යවරයා එයින් නොනැවතී ඉන්දන සදහායැයි පවසමින් තවත් රුපියල් 45000ක් හොරා කෑවා” යැයිද පැවසීය.

මීට අමතරව,

  • අනුෂා නිරෝෂනි නානායක්කාර යන අයට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මාලිගාවත්ත මහල් නිවාසක් රු 540000ක මුදලකට රජයේ තක්සේරුවෙන් බැහැරව ලබා දීම.
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රජපොකුන නාන ලිද සහ ඒ අවට ඉඩම 1%ක නාමික වටිනාකමකට රු 240000කට වසර 30කට ලබා දීම.
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇල්විටිගල මාවතේ 117 ඉඩමේ කැබලි අංක 2 සහ 3 යන ඉඩම් අවුරුදු 30ක් සදහා රු 140000ක අඩු මුදලකට ලබාදීම.
  • වාර්ෂිකව දිනපොත් සදහා රුපියල් ලක්ෂ 150ක මුදලක් යෙදවීම.
  • සෙවන ටිකට්පත එලිදැක්වීම සදහා රු 4300000ක මුදලක් වැය කිරීම.

පිලිබදව දැඩි ලෙස විමල් විරවංශ මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනා එල්ලකර සිටියා.

පොඩි මිනිහ වෙනුවෙන් ලබාදිය යුතු සම්පත් පවුල් ගහට බෙදාගත්තේ දෙශිහිතේෂි නිසාදැයි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විමසා සිටියේය.

අද දින හිටපු ඇමති විමල් විරවංශ පාර්ලිමේන්තු පැමිණ සිටියේ නැත.

Related posts

අර්ජුන – දයාසිරි කැබිනට්ටුවේදී ගැටෙයි.. දයාසිරි ක්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි !

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් රුපියල් කෝටි 26ක දඩ

Admin

තිහගොඩදී පාසැල් සිසුවෙකුට වෙඩි තැබූ SI බන්ධනාගාරයට!

Admin