Business

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) ඉහළම අගය අද (18) දින වාර්තා කර තිබේ.

දිනයේ ගනුදෙනු අවසානයේ දී “සියලු කොටස් මිල දර්ශක” අගය ඒකක 7,922.66ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළයාමක් ලෙස දැක්වේ.

මීට පෙර “සියලු කොටස් මිල දර්ශකයේ” වැඩිම අගය 2011 පෙබරවාරි 14 දින වාර්තා වූ අතර එම අගය ඒකක 7,811.80 කි.

අද දින රු. බිලියන 12.18 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා (රු. බි. 1.55), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු.බි. 1.35), LOLC හෝල්ඩිංග්ස් (රු.බි. 1.31) සමාගම්වල රුපියල් බිලියනය ඉක්මවූ කොටස් ගනුදෙනු වාර්තා වී තිබුණි.

මේ අතර අද දින කොටස් ගනුදෙනු 67,000කට අධික ගණනක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වේ.

Related posts

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday