Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (18)දිනයේ උදෑසන 11.15ට පමණ අනුරාධපුර ප්‍රදේශයේ දී 43 හැවිරිදි අදාළ පොලිස් පරීක්ෂකවරයා ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබු ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබල දී ඇතැයි අනාවරණයවීමත් සමග එම පොලිස් පරීක්ෂකවරයා ව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටපත් පොලිස් පරීක්ෂකවරයා ව අද දිනයේ දී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

කෝටි 12 කට අධික කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා භාරයට

colombotoday

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

Admin

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

colombotoday

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

colombotoday