ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැදවූ සුඛෝපභෝගී කැබ් රථය ඊයේ රාත්‍රියේ රාජගිරියේදී HSBC බැංකුව අසලදී දුරකථන කණුවක ගැටීඇත. අනතුරෙන් පසුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ඇපමත මුදාහැර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා බීමතින් සිටිබවද, “කටින් මත්පැන් ගද වහනය වේ” යනුවෙන් වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇති බවද මාධ්‍ය වාර්තා පලවෙයි.
අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා තුනක් යටතේ නඩු පැවරීමටද පොලීසිය කටයුතු යොදා ඇත.