Colombo Today Local News

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය සදහන් කළේ කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම දුම්රිය ස්ථාන වසා දමා ඇති බවයි.

මෙලෙස වසා දමා ඇත්තේ ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වේ.

මේ වන විට දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් ඇතුළු 102 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 38 දෙනෙක්, නියාමකයන් 12 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 52 දෙනෙක් මේ අතර වේ.

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 8000ක් අල්ලයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday

නැගෙනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි

colombotoday