ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද(17)දින පවත්වා තිබේ.
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණය අරඹා ඇත.
දින 180 සම්පුරණ කල සියලු අනියම්, ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස සහ අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබේ.
මේ සඳහා ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිට ඇත.