Colombo Today Local News

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

ඊයේ (ජූලි 13) දිනයේදී කොළඹ පැවති විරෝධතාවලින් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අග්‍රාමාත්‍ය කාර්යාල අසල ඇති වූ ගැටුමෙන් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊයේ සවස් කාලයේදී පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේදී පැවති විරෝධතාවයේදී තව ත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

එමෙන් ම, තුවාල ලැබූ පිරිස අතර එක් යුද්ධ හමුදා සෙබළෙක්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද සිටින බව රෝහල් ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතය දක්වා වර්ධනය වෙයි

colombotoday

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday