Colombo Today Local News

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ.

මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.

Related posts

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin