Colombo Today Local News

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය යළිත් ලංකාවට ලබා දීම සදහා ඉදිරිපත් කර ඇති මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා රටට තීරණාත්මක ලෙස බලපාන වෙනත් කරුණු ඇතුළත් කොන්දේසි 58කට රජය එකග වූ බව දැක්වෙන ලියැවිල සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලැබී ඇති බව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට අයත් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් ඉවත් කිරීම, රැඳැවුම් බාරයේ සිටින්නන්ගේ නඩු කඩිනම් කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් අලුතින් හඳුන්වා දීම, පිටරට සිටින දෙමළ (ඩයස්පෝරා) සංවිධානවලට තිබෙන තත්ත්වය සමාලෝචනය කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය විමධ්‍යගත කිරීම, උතුරේ සියලු ඉඩම් අයිතිකරුවන්ට බාර දීම ජාතික සංහිඳියාව හා ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයකට අවතැන් වූවන් යළි පදිංචි කිරීම, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම, ඕනෑකමින් අතුරුදන් කළ අය සම්බන්ධ ප්‍රතිඥාවට අදාළ නීති පැනවීම හා අතුරුදන්වූවන් වෙනුවෙන් සහතික නිකුත් කිරීම ඇතුළු එම කොන්දේසි 58ට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පිළිගෙන ඇති බව එම පුවතින් වාර්තා කර තිබේ.

ජීඑස්පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව යුරෝපා ආර්ථික කොමිසම ප්‍රකාශ කර ඇති අතර යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත්, එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවයි.

මානව හිමිකම් වෙළඳ ගනුදෙනුවලට සම්බන්ධ කර ගැනීම ගැන තදින්ම විරුද්ධ බව කියන වාණිජ අධ්‍යක්ෂිකා ජනරාල් සොනාලි විජේරත්න මහත්මිය සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු පිරිසක් මේ ගැන වැඩිදුර සාකච්ඡා සඳහා බෙල්ජියම් බ්‍රසල්ස් අගනුවරට පිටත්ය ගිය බවද එහි සදහන් වේ.

Related posts

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

උතුරු-නැගෙනහිර ප්‍රශ්න ව්‍යවස්ථාවෙන් විසදන්න බෑ – කාදිනල් තුමා

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday