World

චීනයට එරෙහිව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව කඳවුරු බඳී

ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව, එක්ව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් ආරක්ෂක සහයෝගිතාවකට එළඹ ඇත.

මෙලෙස ආරක්ෂක සහයෝගීතාවකට එළැඹ ඇත්තේ චීනයට එරෙහිවය. මෙම ආරක්ෂක සහයෝගිතාවයට අනුව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට ඕස්ටේ‍්‍රලියාවට හැකිවේ. එය සිදුකරන්නේ ඇමරිකානු සහයෝගිතාවය සහිතවය. දශක ගණනාවකට පසුව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව එළැඹුණු වැදගත්ම ආරක්ෂක ගිවිසුම මෙය බව විදේශ මාධ්‍ය කියයි. කෙසේ නමුත් චීනය මෙම ගිවිසුම දැඩි ලෙස විවේචනය කර ඇත. කලාපයේ ආරක්ෂාවට මෙම ගිවිසුම් බලවත් තර්ජනයක් බව චීනය කියයි.

Related posts

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

Admin

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday