Colombo Today Local News

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශයට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂාව සහිතව අද (17) පෙරවරුවේ කැඳවාගෙන එනු ලැබීය.

කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ගෙන එනු ලැබූ බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග කරයි.

මෙම කොමිෂන් සභාව පසුගිය යහපාලන රජය සමයේදී( 2015- 2019 අතර කාලයේදී) සිදුවී ඇතැයි පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන පවත්වයි.

ඒ සමයේදී රංජන් රාමනායක මහතා රාජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කළේය.

Related posts

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. – රිෂාඩ්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

සුවසැරියේ රියදුරුට සහ හෙදියට පහරදුන් බේබද්දන්ට වැඩ වරදී

Admin