Colombo Today Local News

මර්වින් සිල්වා සඳුදා ජාතිය අමතයි.. අති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

mervyn silva

සඳුදා උදේ 10ට තමන් ‍රටේ දේශපාලන තත්ත්වය ගැන මහජන පුස්තකාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍යවරයා අද එෆ්.සී.අයී.ඩීය වෙත පැමිණීමෙන් පසු මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

එෆ්.සී.අයී.ඩීය පිහිටුවන්න තිබුණේ මීටත් වඩා කලින් බවත්, එසේ පිහිටුවා තිබුණානම් මේ රටේ වංචා දූෂණ අඩුවී නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින්ද යහපත් ලෙස වැඩකරන්නට ඉඩ තිබූ බවත්, හෙතෙම කීවේය.

බැසිල් රාජපක්ෂ මහතා නවගමු දේවාලයට ගොස් අද පොල් ගසා ඇතැයි මාධ්‍යවේදියෙකු එහිදී පෙන්වාදුන් පසු මර්වින් සිල්වා මහතා කියා සිටියේ “එයා ගහන පොල් දෙවියෝ බාරගන්නේ නෑ” කියාය.

එයාලා වැරදි ගොඩාක් කර තිබෙන නිසා එසේ වන බවද හෙතෙම කීවේය.

අධිකරණයේ ස්වාධීනත්වය සියයට සියයක් ඇති නිසා අද ජනතාව පාරට බැස නොබියව යන බවත්, සුදුවෑන් වලින් පැහැරගෙන යාම් දැන් නැති බවත්, ඔහු පැවසීය.

Related posts

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday