Colombo Today Local News

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

* ත්‍රස්‌ත මර්දන පණත අහෝසි කරනු
* හිටපු කොටි ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමේ පිළිවෙත වැරදියි
* හමුදා කඳවුරු සහ පොලිස්‌ ස්‌ථාන රැසක්‌ පරීක්‍ෂා කරයි
* ත්‍රස්‌ත මර්දන අංශය හා රහස්‌ පොලිසිය ද විමර්ශනයට ලක්‌ වෙයි

වධහිංසාවන් පිළිබඳ සෙවීමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට වධහිංසාවන් සිදුවීම සම්බන්ධව මෙරට රහස්‌ පොලිසියට හා ත්‍රස්‌ත මර්දන අංශයටද චෝදනා නගා ඇත.

මෙම එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයා මෙරටට පැමිණ බූස්‌ස සිරගෙය, බූස්‌ස ත්‍රස්‌ත රැඳවුම් කඳවුර, ගාල්ලේ හමුදා කඳවර, කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලය, පානදුර පොලිසිය, පුත්තලම හා කල්පිටිය පොලිස්‌ ස්‌ථාන, වන්නි හමුදා මූලස්‌ථානය, වව්නියා රිමාන්ඩ් සිරගෙය, වව්නියා පොලිසිය, වව්නියා ත්‍රස්‌ත මර්දන කාර්යාලය, ත්‍රිකුණාමල නාවික කඳවුර, රහස්‌ පොලිස්‌ මූලස්‌ථානය, ත්‍රස්‌ත මර්දන ඒකකය සහ බොරැල්ල පොලිසිය ද පරීක්‍ෂාවට ලක්‌ කර ඇත.

අදාළ විමර්ශනය ගැන 2017 මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයකුට ශ්‍රී ලංකාවේ හමුදා සහ පොලිස්‌ ස්‌ථාන පරීක්‍ෂාවට ලක්‌ කිරීමට ඉඩ ලැබුණේ මුල්වරටය. ඒ සඳහා කිසිදු සීමාවක්‌ තමන්ට පැනවූයේ නැතැයි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ ප්‍රකාශ කර තිබේ.

ජුවන් මෙන්ඩස්‌ ඊට පෙර වව්නියාවේ ජෝශප් හමුදා කඳවුර නමින් හඳුන්වන හමුදා මූලස්‌ථානයටද ගොස්‌ හිටපු කොටි ක්‍රියාකාරීන් එම කඳවුරේදී සිරකරුවන්ට වධහිංසා පමුණුවා ඇති බවට සලකුණු ඇතැයි කීවේය.

මෙවර පැමිණි ජුවන් මෙන්ඩෙස්‌ට වව්නියා හමුදා කඳවුරේ සිරකරුවන් ඇතිබව සොයා ගැනිමට නොහැකිවිය. මෙන්ඩස්‌ මෙරටට පැමිණියේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා මානව හිමිකම් කවුන්සිලයට යොමුකළ පැමිණිල්ලක්‌ මතය.

ඇගේ එම පැමිණිල්ලේ සඳහන්වූයේ හිටපු කොටි ක්‍රියාකාරින් 200 ක්‌ හමුදා වධකඳවුරු වල සිටින බවයි.

මේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියට සාවද්‍ය තොරතුරු සැපයීම සඳහා මෙරටින් ජිනීවා නුවරට පැනගිය හිටපු කැරලිකරුවකුද සහය වී ඇත.

යස්‌මින් සුකාගේ පැමිණිල්ලේ දැක්‌වෙන කොටි ක්‍රියාකාරීන් තිදෙනකු ත්‍රස්‌තමර්දන අංශය මගින් උතුරේ සහ නැගෙනහිර සිටියදී ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුවන් මෙන්ඩස්‌ ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දීමටද ඉදිරිපත්වී ඇත. ත්‍රස්‌ත මර්දන පණත අහෝසි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එසේම හිටපු ත්‍රස්‌තයන් කීපදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීම ගැනද ඔහු කණගාටුවට පත්වී ඇත.

එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ත්‍රස්‌තවාදීන් අත්අඩංගුවට ගැනීම ගැන ඔහු වචනයක්‌වත් ප්‍රකාශ කර නැත.

මෑතකදී හෙලිවූයේ සී. අයි. ඒ. සංවිධානය අල්කයිදා ත්‍රස්‌තයන්ගේ හිස්‌ ජලයේ ඔබා ප්‍රශ්න කිරීමේ වධහිංසා ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ බවයි.

ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ද පැවසුවේ එකී ක්‍රියාදාමය සිදුකිරීමට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයට හිමිකමක්‌ ඇති බවයි.

එසේ වූවත් ජුවන් මෙන්ඩස්‌ ඇමරිකානු සී. අයි. ඒ. වධහිංසා ක්‍රියාදාමයන් විවේචනයට ලක්‌කර නැත. මේ පසුබිම මැද මෙරටට පැමිණෙන සෑම එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ චෝදනාවලට ලක්‌වී ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එහෙත් කොටි සංවිධානය දියත්කළ වධහිංසා ගැන කිසිදු එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයකුගේ විවේචනයට ලක්‌වී නැත.

බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදුකළ වධහිංසා මෙන්ම ඇප්ගනිස්‌ථානයේදී ඇමරිකානු හමුදා සිදුකළ වධහිංසා ගැන වාර්තාවූවන් එකී සිදුවීම් යටපත් විය.

ලිබියාවේ හිටපු රාජ්‍ය නායක කර්නල් ගඩාපිට දරුණු ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කරද්දී එක්‌සත් ජාතීන්ගේ වධහිංසා විමර්ශන කිරීමේ නියෝජිතයන් බලාසිටියේය.

ගඩාපියේ දියණිය ඒ ගැන ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක්‌ කලත් අද වනතෙක්‌ එම පැමිණිල්ල විමර්ශනයට ලක්‌වූයේ නැත.

කොටි සංවිධානය පොලිස්‌භටයන් 600 ක්‌ අත්අඩංගුවට ගෙන දැත් බැඳ තිරුක්‌කෝවිල් කැලැවට ගොස්‌ ම්ලෙච්ඡ ලෙස ඝාතනය කරද්දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නිහඬව සිටියේය.

මේ තත්ත්වය මැද ජුවන් මෙන්ටස්‌ මෙරටට පැමිණියේ දෙස විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට කළ සාවද්‍ය පැමිණිලි නිසාය.

එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය පැමිණිලි ඉදිරිපත් කළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට එරෙහිව මෙතෙක්‌ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. එසේම ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු කොටි ත්‍රස්‌තවාදීන් ගැන හඬ නැගිමට එක්‌සත් ජාතීන්ගේ ජාතීන්ගේ නියෝජිතයාට හිමිකමක්‌ තිබේද?

මේ අන්දමට අයිසිස්‌, ජිගාද් ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් ගැන එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් හඬ නගා තිබේද?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පමණක්‌ නොව යුරෝපා සංගමයද අද කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන් මත බව පැහැදිලිවී ඇත.

Related posts

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday

පාගමනින් ගිය සිසුන් පිරිසක් කැබ් රථයක් යටකරගෙන යයි.. සිසුවෙක් මරුට දහයකට තුවාල

colombotoday

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

colombotoday

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

Admin

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

colombotoday