Colombo Today Local News

ජවිපෙට රිදෙන්න ගහන්න.. අගමැති එජාප මන්ත්‍රීන්ට දැනුම් දෙයි.. රතු අලි පැටව් සිරිකොතෙන් දොට්ට !

jvp - ranil

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන සාවද්‍ය ප්‍රචාරවලට එරෙහිව කොන්දේසි විහරහිතව පිළිතුරු දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී ඇතැයි ආරංචිමාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ පරිහරණය සදහා ප්‍රභූ ආරක්ෂක රථ දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,943ක් වෙන්කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා කල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් ඇමතිවරුන්ගේ වියදම් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 7,000කට අධික මුදලක් වෙන්කරගෙන තිබෙන බවද ජවිපෙ නායකයා පවසා සිටියේය.

අනතුරුව ජවිපෙ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරුදීමට පුවත්පත් සාකච්ජා පවත්වන්නැයි අගමැතිවරයා කල දැනුම්දීමට අනුව, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා හා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ජවිපෙට එරෙහිව ‘සිරිකොත’දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සමාජවාදය විකුණන් කන පුද්ගලයෙකු යැයි ජවිපෙ නායකයාව දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ජවිපෙ නායක අනුරගේ ප්‍රකාශය

Related posts

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

colombotoday

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin