Colombo Today Local News

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මවක් කොළඹ ‘ද සොයිසා’ කාන්තා රෝහලේදී නිවුන් දරුවන් සිව්දෙනෙක් බිහිකර තිබේ.

29 හැවිරිදි මවක් විසින් මෙම සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පැවසුවාය.

කොවිඩ් -19 ආසාදිත මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙය වෙයි.

කොළඹ 10, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය සඳහන් කළාය.

සිසෙරීයන් සැත්කමකින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති අතර දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසුවාය.

Related posts

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

මාර්තු මාසයේ උද්ධමනය පහලට

Admin

බන්ධනාගාර නිලධාරියාගේ කටේ පාංකඩ ඔබා, දෑත්වලට මාංචු දමා සැකකරුවන් පලායයි !

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday