කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 986 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,414කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ (15) සිදුවූ කොවිඩ් මරණ 167ක් පිළිබඳව අද (16) දිනයේ දී සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළේය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.