World

සුළුතර හින්දුන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට පාකිස්තානයට චෝදනා

පකිස්තානයේ ජීවත්වන සුලුතර හින්දු ප්‍රජාවේ සාමාජිකයන් විවිධ උපායන් ඔස්සේ ඉස්ලාම් දහමට හරවා ගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දිලිදු ගොවියන්ගේ ණය කපා හරිමින්, සහ විවිධ ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින් ධනවත් ඉස්ලාම් ඉඩම් හිමියන් මෙම ක්‍රියාව මෙහෙයවීම බහුලව සිදුවන බවයි.

පසුගියදා පකිස්තානයේ සින්ද්හි බදීන් දිස්ත්‍රික්කයේ මාල්ටිහිදී දිළිදු හින්දු ආගමිකයන් හැට දෙනෙකු පමණ ඉස්ලාම් දහමට හරවා ගැනීම උත්සවාකාරයෙන් සිදුකර තිබේ.

ඒ පිළිබද වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන අතර මෙය තමන්ට කැමති ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිවාසිකමට බලපෑම් කිරීමක් බව ස්වාධීන නිරීක්ෂකයන් රැසක් පෙන්වා දී ඇත.

මෙය බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීමක් නොවුණත්, විවිධ සමාජ සහ ආර්ථික වරප්‍රසාද ලබාදී ආගම වෙනස් කිරීමට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව එරට හින්දු ආගමික නායකයන් ප්‍රකාශ කර තිබේ.

මෙි අතර අදාළ මාධ්‍ය සදහන් කරන්නේ හින්දු දැරියන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන විවාහ කරගැනීමේ සිදුවීම්ද විශාල වශයෙන් වාර්තාවක බවයි.

එම තත්වය පාලනය කිරීමට පකිස්තාන බලධාරීන් නිසි පියවර නොගන්නා බවටද චෝදනා එල්ල වී තිබේ.

පකිස්තානයේ හින්දු ආගමිකයන් මිලියන 4.5 ක් පමණ වාසය කරන බව නිල සංඛ්‍යා ලේඛනවල දැක්වුණත් එරට හින්දු ආගමික නායකයන් සදහන් කරන්නේ මිලියන හතක පමණ වන හින්දු ප්‍රජාවක් එරට තුළ වෙසෙන බවයි.

Related posts

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

colombotoday

සනීපාරක්ෂක තුවා ගැන කතා කළ දේශපාලනඥවරියට මරණ තර්ජන

Admin

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday