Colombo Today Local News

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී ඇත.

මියගොස් ඇති පුද්ගලයා තම පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර එහිදී මෙලෙස හදිසියේ අසනීප වී තිබේ.

එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට කළ දැනුම්දීමකට අනුව කඩිනමින් පහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

පොලිසිය පවසන්නේ ඔහු රෝහල්ගත කරනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවය.

මියගිය පුද්ගලයාගේ දේහය හැටන් දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

නල්ලතන්නිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

අද නිරිත දිගට තද වැසි

Admin

පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.

colombotoday

ගිනි කන්දක තාච්චියක් තබා සෙසේජස් බැදගෙන කන ජාතියක්

Admin