Colombo Today Local News

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

parlimet attack22

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ (03) ඇති වූ උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට තුඩුදුන් පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරුන්ට උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු බව කථානායකවරයා වෙත අවධාරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ සිද්ධිය පිළිබඳ නි‍යෝජ්‍ය කථානායකවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා විසින් සැකසූ වාර්තාවේ නි‍ර්දේශ වල මේ බව දැක්වෙයි.

ඒ අනූව එම දෙදෙනා පිළිබඳව තීන්දුවක් පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම අවස්ථාවේදීම ගත යුතු බව එමගින් නිර්දේශ කර ඇත.

තවද දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන් මූලාසනයට අවනත නොවී අශෝභන අන්දමින් මූලාසනයට දෝෂාරෝපණය කිරීම ද අනුචිත ක්‍රියාවක් බව එම වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාවේ සඳහන් නිරීක්ෂණ හා නි‍ර්දේශ වැඩිදුරටත් පහත දැක්වේ.

1 – සභාවේ කටයුතු කරගෙන යන අතරතුර සභා මධ්‍යයට පැමිණ සිටීම සහ සභාවේ කටයුතුවලට බාධා කිරීම ගරු මන්ත්‍රීවරුන් විසින් නොකළ යුතු අතර එය නුසුදුසු සහ අශෝභන ක්‍රියාවකි. එසේ වුවද ඇතැම් මන්ත්‍රීවරුන් එසේ කිරීම කාලයක් තිස්සේම කරගෙන යනු ලැබේ. මෙම තත්ත්වය නිසා මෙවැනි ගැටුම්කාරි අවස්ථාවන් නිර්මාණය වීම සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසේ.

2 – ගුරු මන්ත්‍රීවරුන් සැමවිටම, මූලාසනයට අවනත විය යුතු අතර මුලසුනේ අණ නොතකා කටයුතු කිරීම විනය විරෝධී තත්ත්වයකි. සභාවේ කටයුතු කරගෙන යන අතුරතුර ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු බන්ධුල ගුණවර්ධන, ගරු පියල් නිශාන්ත ද සිල්වා යනාදී මන්ත්‍රීවරුන් අශෝභන අන්දමින් මුලසුන වෙත දෝෂාරෝපණය කිරීම සහ බැණ වැදීම අනුචිත වේ.

3 – යම් ගැටලුකාරී තත්ත්වයක් වෙතොත් තම ආසනයේම, සිට සාකච්ඡා කර විසඳාගත යුතු අතර කවර හේතුවක් නිසා හෝ සභාව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම නොකළ යුතුය. එවැනි තත්ත්වයක් ඇතිවීම සමස්ථ පාර්ලිමේන්තුවේම ගෞරවට හානිදායක වේ.

4 – සභාවේ කටයුතු නැරඹීම පිණිස පැමිණ සිටි මහජනතාව සහ පාසල් ළමුන්ට ද මෙම අශෝභන අවස්ථාව නැරඹීමට සිදුවීම කණගාටුදායක වේ.

නිර්දේශ

1 – සභාවේ කටයුතුවලට බාධා කරමින් සභා මධ්‍යයට පැමිණි දෙපාර්ශවයේම ගරු මන්ත්‍රීවරුන් හට තරයේ අවවාද කිරීම.

2 – පාර්ලිමේන්තුව තුළදී, සෙසු පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව වගකීම අදාළ පක්ෂ හා ස්වාධීණ කණ්ඩායම් විසින්ද, එම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසින්ද, භාරගැනීම.

3 – මූලාසනයට අගෞරව වන ලෙස දෝෂාරෝපණය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගැනීම.

4 – සභා ගර්භයේ ඇති වූ උණුසුම් තත්ත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට තුඩුදුන් ගරු පාලිත තෙවරප්පෙරුම මහතා සහ ගරු ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධව උපරිම විනය ක්‍රියාමාර්ග ගැනීම සහ එම දෙදෙනා පිළිබඳව තීන්දුවක් පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම අවස්ථාවේදීම, ගත යුතු බව.

5 – මෙම වාර්තාව මූලික වාර්තාවක් ලෙස සලකා කටයුතු කිරීම සහ මෙම අශෝභන ක්‍රියාදාමයට සහයදුන් හා පාර්ලිමේන්තුව අ‍ගෞරවටය පත් කළ අනෙකුත් ගරු මන්ත්‍රීවරුන් සම්බන්ධව ද වෙන් වෙන් වශයෙන් සොයාබලා පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීම.

6 – ඒ ඒ පක්ෂ හා ස්වාධීණ කණ්ඩායම් මට්ටමින් ද අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උනන්දු කරවීමද, ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට ද, පිණිස කාලය ලබාදීම අවශ්‍ය බැවින් මෙම වාර්තාවේ සහ ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන පූර්ණ වාර්තාවේ පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයින් වෙත ලබාදීම.

Related posts

ජනපතිගේ මත්පැන් විරෝධය ගැන කියන්න ගිය ඇමති දෙපොළට, මල්වතු නාහිමි ඇසූ පැණයෙන් කටඋත්තර නැතිවෙයි

colombotoday

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

Admin

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday

කොරෝනා ආසාධිත දේහයන් භූමිදානයට අවසර දී නෑ. සිදුකරන්නේ ආදාහනය පමණයි. සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday