Colombo Today Local News

“මාත් හිටපු පත්තරකාරයෙක්.. අපේ රජය මාධ්‍ය නිදහස උපරිමයෙන් රකිනවා” – ජනපති

වසර 3ක් පමණ ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ බවත් මාධ්‍යවේදියෙක්, පත්තරකාරයෙක් මේ රටේ ජනාධිපති වුණා කියලා මාධ්‍ය වේදීන්ට සතුටු විය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමය විසින් සම්පාදනය කරන ලද යෝජනා මාලාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ඊයේ (03) දහවල් කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සිදු වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය,

“ජනමාධ්‍ය නිදහස, ඒවගේම මාධ්‍යවේදියාගේ අයිතිය ඒ ආයතන ශක්තිමත් කිරීම ඒ ආයතන පෝෂණය කිරීම ඒ වෙනුවෙන් රජයක් කළ හැකි කළ යුතු සියලු කාර්යයන් ඉටු කිරීම අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට පැහැදිලිව පිලිඅරගෙන ඉන්නවා වගේම ඒ වෙනුවෙන් අපි විසින් කළ හැකි කළ යුතු සියලු දේ අපේ රජය විදියට ඉටු කරනවා. මම දරණ මතය තමයි ලෝකයේ පාලනය කරන්නේ, දේශපාලඥයෝ නෙමෙයි මාධ්‍ය බලධාරීන් කියන එක. අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳව තවත් මාධ්‍ය ආයතනම අපිට පැමිණිලි කරනවා. නිදහස සහ ඒ සියල්ල පෝෂණය කරනවා වගේම ආරක්ෂා කරනවා වගේම සුරක්ෂිත කරනවා වගේම මාධ්‍ය ආයතන භාර බලධාරීන් කල්පනා කරන්නට ඕනේ තමන්ගේ කටයුතු කිරීමේදී විශේෂයෙන්. විශේෂයෙන්ම වෙබ් අඩවි කොතෙක් දුරට සිය නිදහස අනිසි විදියට පාවිච්චි කරනවාද කියන කාරණාව“

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුළදී, යුධ ගිනි නිවූ හිටපු ජනපති 70 සමරයි

colombotoday

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දක්වා ඉහලට.

colombotoday