Colombo Today Local News

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

2015 වසරේ දී සේවා වියුක්‌ති අනුපාතය සියයට 4.6 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

2014 වසරේ දී පැවැති සේවා වියුක්‌ති අනුපාතය සියයට 4.3 ක්‌ විය.

මුළු සේවා වියුක්‌තිය නියෝජනය කරන පුරුෂ සේවා වියුක්‌ති අනුපාතය 2014 වසරේදී පැවැති සියයට 3.1 සිට 2015 වසරේදී සියයට 3 දක්‌වා අඩු අතර කාන්තා සේවා වියුක්‌ති අනුපාතය 2014 වසරේ පැවැති සියයට 6.5 සිට 2015 වසරේදී සියයට 7.6 දක්‌වා ද ඉහළ ගොස්‌ ඇතැයි 2015 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

තරුණයින් හා අ. පො. ස. උසස්‌ පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත වූවන් අතර සේවා වියුක්‌තිය සැළකිය යුතු ලෙස ඉහළ ගිය බවද මහ බැංකු වාර්තාවේ (2015) තවදුරටත් සඳහන්ය.

Related posts

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday